එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයෙක් වසර නමයකට පසුව ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතව තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයෙක් අවසන් වරට ලංකාවට පැමිණියේ 2016 වසරේදීය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූර කාලයේදී මානව හිමිකම් කොමසාරිස් වූ සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණියේය.
ඉන් වසර නමයකට පසුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ කාලයේදී මානව හිමිකම් කොමසාරිස් වන Volker Türkමෙසේ ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටී. ජුනි මාසයේදී හෝ ජූලි මාසය මුලදී මෙම සංචාරය සිදුවීමට නියමිතව ඇත.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයේන අවධානය යොමුවූ අතර බලයට පත්වන නව රජය ගත යුතු පියවර පිළිබදවද එහිදී අවධානය යොමු කර තිබුණි. සංහිදියාව ඇති කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි පනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ගැනද එහිදී අවධාරණය කර තිබුණි.
මේ පිළිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමසාරිස්වරයා රජයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවද අනාවරණය වේ