ලංකාවේ ඛනිජ සම්පත් ලබාගැනීම සදහා ඉන්දියාව දැඩි අවධානය යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු සදහා ඉන්දීය විශේෂ දූත පිරිසක් ලංකාවට පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් දෙරට අතර අවභෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව තිබෙන බවද ආරංචිමාර්ග සදහන් කරයි.
භූ විද්‍යා හා ඛනිජ සම්පත් ක්ෂේත්රයේ සහයෝගිතාවයට අදාලව ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර ඒ පිළිබද තොරතුරු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ පරිසර අමාත්‍යාංශය වසන් කරමින් සිටින බවද අනාවරණය වේ.
කෙසේ නමුත් ඉන්දියාවේ පතල් අමාත්‍යාංශය ප්රමුඛ ඉන්දියානු පතල් සමාගම් පසුගිය සතියේදී ලංකාවට පැමිණ තිබේ. ආයෝජන හා සහයෝගීතා අවස්ථා ගවේශණය කිරීම සහ උසස් පතල් තාක්ෂණික සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ඛනිජ අංශයේ අගය එකතු කිරීම් සදහා ඒකාබද්ධ මුල පිරීම් සදහා මෙහිදී සාකච්ඡා කිරීමට කටයුතු කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කළේය.
මෙහිදී ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලා සිටියේ තම වෙරළ වැලි සහ මිනිරන් සම්පත් ගවේෂණය හා සංවර්ධනය සඳහා සහභාගී වීමට ඉන්දියානු සමාගම් දිරිමත් කරන ලෙසයි.
ඉන්දීය නියෝජිත පිරිස කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ඛනිජ අංශයේ ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන්හි සභාපතිවරුන්සහ ආයෝජන මණ්ඩලය හමුවී ඇත.
ලංකාවේ ඇති මිනිරන් සහ ඛනිජ වැලි සම්පත් ලබාගැනීම කෙරෙහි ඉන්දියාවේ දැඩි අවධානය යොමුව ඇති බවද වැඩිදුරටත් අනාවරණය වේ