ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නරග සභා, නගර සභා සහ ප්‍රාදේශිය සභා ඇතුළු සියලුම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා විපක්ෂයේ දේශපාලන පක්ෂ අද එකගතාවයකට පැමිණ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මල් පාරේ පිහිටි කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවය ඇති කරගෙන තිබේ. ඒ අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතනවල නාම ලේඛනය සකස් කිරීමට පක්ෂ මහ ලේකම්වරුන් හෙට දිනයේදී හමුවීමට නියමිතය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා,දුමින්ද දිසානායක,
පොදු ජන එක්සත් පෙරමුණු නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා,කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි තිගාම්බරන්,ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන්,නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් අසංක නවරත්න,සුගීෂ්වර බණ්ඩාර,වීර කුමාර දිසානායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,ප්‍රේමනාත් .සී දොළවත්ත,නිමල් ලංසා,මොහොමඩ් මුසම්මිල්, එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන,මහලේකම් තලතා අතුකෝරළ,ජාතික සංවිධායක සාගල රත්නායක,හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරු සහභාගී වූහ.
සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මෙම හමුව සඳහා දුරකථනය ඔස්සේ සම්බන්ධ විය.
පළාත් පාලන ආයතන වල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මෙම ඒකාබද්ධ රැස්වීම් කැඳවීමේ කාර්යභාරය හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මෙහිදී පවරනු ලැබීය.
මාලිමාවට එරෙහිව සිටින සියලු කණ්ඩායම් සමග ඉදියේදී සාකච්ඡා කොට බලය පිහිටුවීමට අමතරව ඒකාබද්ධව කටයුතු කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ