ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බොරු කීම ආණ්ඩුවට හානිදායක බව ජනාධිපති පිළිගනී

දෙරණ 360 වැඩසටහනට සහභාගීවෙමින් ඔහු මේ බව පිළිගත්තේය.

ජාතික ජන බලවේගය ආණ්ඩුව භාරගන්නා අවස්ථාවේදී විදේශ සංචිත ඩොලර් මිලියන 20ක් ලෙස පැවති බවට හා ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩ යැවීම සදහා රුපියල් ලක්ෂ 980ක් වියදම් වූ බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශ මෙහිදී ප්‍රශ්න කෙරිණි.

එයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පැවසුවේ එවැනි ප්‍රකාශ සිදුවෙතැයි කියන කණ්ඩායමක් හදුනාගෙන ඇති බවය. ඔවුන් වෙනම කැදවා විවෘතව කතා කර ඇති බවද ජනාධිපතිවරයා කීවේය. සමහර අවස්ථාවලදී සිදුවීම් වන විට තමන් පුද්ගලිකද කතා කර ඇති බවද කීවේය.

සමහර අය අලුත් අය නිසා ආධුනිකභාවයක් ඇති බවද ජනාධිපතිවරයා කීය. මේ බොරු හිතා මතා නොකියන බවද ජනාධිපතිවරයා පැවසුවේය

මේවා ආණ්ඩුව, සිය ව්‍යාපාරය කෙරෙහි අහිතකර බලපෑමක් සිදුවන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.