රුසියානු තානාපති කාර්යාලය අසළ බෝම්බ බියක්

අද දහවල් කාලයේදී විදේශිකයෙකු විසින් කොලඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයට ලැප්ටොප් පරිගනකයක් ලබාදී සැණින් පිටව යාම නිසා බෝම්බ භියක් ඇතිවී තිබුණා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය සහ කුරුදුවත්ත පොලීසිය විමර්ශනය කරනු ලැබූ අතර මුලික පරීක්ෂණවලින් අනතුරුව පරිගණකය කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන් විසින් රැගෙන යනු ලැබුවා.