ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) පිළිබඳව.
සාමාන්‍ය රක්‍ෂණ සම්බන්ධයෙන් දශක හයකට වැඩි විශේෂඥ දැනුමක් සහිත පළපුරුද්දක් හිමි SLICGL සමාගම, රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම වටිනාකමින් යුත් සන්නමයක් ලෙස සැලකේ. සමාගම, ඉහළ මූල්‍ය ස්ථාවරත්වයක් සහිතව පරිපූර්ණ වූ පුළුල් රක්ෂණ ආවරණ එකතුවක් වෙළඳපොළට හඳුන්වා දෙමින්, ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරයට පත්වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට පත්ව ඇත. සාමාන්‍ය රක්‍ෂණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වශයෙන් SLICGL, සියලුම පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවයන්ට වඩාත් හොඳින් ගැලපෙන විසඳුම් සහිත රක්ෂණ ආවරණ බෙදා හැරීම සඳහා එහි දිවයින පුරා ව්‍යාප්තව පවතින ශාඛා ජාලය සමගින් පළපුරුදු අලෙවි කණ්ඩායම් යොදා ගනී. සමාගම විසින් රථ වාහන, ගිනි හා ඉංජිනේරු, සෞඛ්‍ය, සාමාන්‍ය අනතුරු සහ නාවික යන කාණ්ඩ ආවරණය වන පරිදි හඳුන්වාදුන් රක්ෂණ විසඳුම් පිරිනමයි. එම රක්ෂණ ආවරණ විසඳුම්, සමාගම විසින් තමන් සතුව පවතින දිවයින පුරා පිහිටි ශාඛා ජාලය සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 200කට වැඩි සංඛ්‍යාවක් හරහා ලබා දේ. SLICGL සමාගම ‘2024 වසරේදී පැවති ග්ලෝබල් සන්නාම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ පාරිභෝගික තෘප්තිමත්භාවය සඳහා වූ හොඳම රක්ෂණ සමාගම’ ලෙස ඉහළ පිළිගැනීමක් සහිතව ඇගයීමට පාත්‍ර විය. රජය සතු පුරෝගාමී සමාගමක් වන SLIC හි සාමාන්‍ය රක්ෂණ අංශය ලෙස SLICGL සමාගම, අනාගතයේදී වේගවත් වර්ධනයක් අත්පත් කර ගනිමින්, තවදුරටත් අඛන්ඩව ශ්‍රී ලාංකීය ජනතාවගේ සුරක්ෂිතභාවය සඳහා වන ප්‍රමුඛතම තේරීම බවට පත්වනු ඇත.