කොළඹ අපරාධ කොට්ඨාසයේ 6 දෙනාට ඇප

මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිට අද (21) දින අධිකරණයට භාර වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD)නිලධාරීන් 6 දෙනා ඇප මත මුදාහැර තිබේ.

මේ අතර වැලිගම සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුවේ අනෙකුත් සැකකරුවන් වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට සේවය කළ නිලධාරින් 07 දෙනාගෙන් 06 දෙනෙකු අද පෙරවරුවේ මෝසමක් මඟින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණි.

එහිදී අදාළ සැකකරුවන් වෙනුවෙන් ඇප අයදිමින් ඔවුන්ගේ නීතිඥයින් කියා සිටියේ, වෙඩි තැබීමේ සිදුවීමට අදාළව ඇසින් දුටු සාක්ෂි ලබාදිය හැක්කේ මෙම සැකකරුවන්ට පමණක් වන අතර ඔවුන් ඉදිරියේදී මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් 06 දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.