තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිරසබරගමුවමධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගලදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.