කිසියම් අපරාධයක් සදහා සඟවා තබන්නට ඇතැයි සැකකෙරෙන ගිනි අවි 3 ක්, මැගසින් 2 ක් සහ උණ්ඩ 16 ක් කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ළිදක සඟවා තිබියදී කඩුවෙල පොලිසිය සොයාගෙන ඇත.
පොලිස් විශේෂ බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව කඩුවෙල පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් එම ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන ඇත.
මෙතෙක් ඒ සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැත.
අපරාධකරුවන් සන්තකයේ ඇති ගිනි අවිය පොලිස් භාරයට ගැනීමේ විශේෂ මෙහෙයුම් යටතේ බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් පරිදි කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරයි.