කුමන ආකාරයේ තර්ජනයක් හෝ ගර්ජනයක් වේද නොපමාව ඒ බව කෙටි පණිවුඩයක් (SMS) හරහා තමාට දැනුම් දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගොවි ජනතාවට දැනුම් දෙයි.
එලෙස කෙටි පණිවුඩයක් (SMS) ලද සැණින් තමා ක්‍රියාත්මක වීමට සූදානම් බව හොරොව්පතාන ප්‍රදේශයේ පසුගියදා පැවැති ජන හමුවක් අමතමින් පැවැසීය.
ගොවියාගේ ඡන්දයෙන් බලයට පත් වත්මන් ආණ්ඩුවට අද ගොවියාත්, රාජ්‍ය සේවකයාත් අමතක කර ඇති බව ද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.
‘‘මේ වන විට පොහොර සහනාධාරයවත් හරියට ලැබෙන්නේ නැහැ. ගුණාත්මක භාවයෙන් ඉහළ යෙදවුම් ලැබෙන්නේ නැහැ. තෙල් පොහොර පවා ප්‍රමිතියෙන් බාල ඒවා. වගා හානි වන්දි පවා ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගොවියා අභියෝග රැසකට මුහුණ දී සිටියදී ගොවියා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් අය අද ගොවියා අමතක කරලා. පසුගිය කාලයේ සිදුවු ආපදා වගා හානි නිසා අක්කරයකින් ලැබෙන වී අස්වනු අඩු වී ඇති මෙහොතක ගොවියාට සාධාරණ සහතික මිල නැහැ. රුපියල් 120ක සහතික මිල ප්‍රමාණවත් නැහැ. වී මිල දී ගන්න රුපියල් මිලියන 5000කි වැනි අඩු මුදලක් වෙන් කරලා. මෙසේ බොරු කියූ වත්මන් රජයට පිළිතුරු දෙන්න කාලය ඇවිත් තියෙන්නේ. ගොවියා රැවටු එම රැවටීම තුළින් ගොවියා අනාථ කළ මේ රජයට ඉදිරි මැතිවරණයේදී පාඩමක් ඉගැන්විය යුතුයි.’’