රිය අනතුරකින් 33ක් රෝහලට

බස් රථයක් හා ලොරි රථ ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මූතූර් ප්‍රදේශයේ දී අද (01) මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

තුවලකරුවන් 33 දෙනාගෙන් 18 දෙනෙකු කාන්තාවන් අප වාර්තාකරු පැවසීය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, මිනුවන්ගොඩ සිට සේරුවාවිල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් වැදපුදා ගැනීම සඳහා වන්දනාකරුවන් රැගෙන ගිය බස්රථයකි.