වත්මන් රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයේ සිට මෙරටට අලුත්ම වාහන රැගෙන ආ දෙවන නෞකාව අද (27) පස්වරුවේ හම්බන්තොට වරායට පැමිණියේය.
වාහන 196ක් රැගෙන ජපානයෙන් පිටත් වූ JUPITER LEADER නම් මෙම නෞකාව සිංගප්පූරුවේ සිට දිවයිනට ළඟාවිය.