2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා ප.ව 6ට පැවැත්වීමට නියමිතය.
කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19ක් පැවැත්වෙයි.
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවැත්වුණි.
ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබුණි.
කිසිඳු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී නොසිටියේය.
ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බවය.