පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් පසුගිය ඔක්තෝම්බර් මස සිදුකරන ලද වැටලීමකට අදාලව සිදුකරනු ලැබූ නඩු පැවරීමකදී , ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද පැනිල්රො ( panilro ) වෙළද නාමය සහිත ලේබල යොදාගනිමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් වෙළදපොලට නිකුත්කිරීමට ගබඩාකර තිබු පුගොඩ , දන්ගල්ල ප්‍රදේශයේ පිහිටි පැනිල්රො පුද්ගලික සමාගමට සහ එහි බදු ගැනුම්කාර සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන මුංහේනගේ නිශාන්ත සමන් කුමාර ප්‍රනාන්දු සහ කළමනාකරුවකු වන ගනේගමගේ අගලකොටුවේගෙදර විජයසිරි යන අයට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක දඩ මුදල් නියමකිරීමටත් , එසේ නිෂ්පාදනය කර තිබු රුපියල් මිලියනයකට අධික වෙළදපොල වටිනාකමක් සහිත පානීය ජල බෝතල් 6800 කට වැඩි ප්‍රමාණයක් ගරු අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශකිරීමටත් පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා නියම කරනු ලැබීය.
ඒ අනුව 2025.02.20 දින අදාල පානීය ජල බෝතල් තොගයෙන් ජලය ඉවත්කරනු ලැබු අතර හිස් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සදහා යොමු කරනු ලැබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංජනය ව්‍යාජ ලෙස යොදා ගනිමින් අසත්‍ය නියෝජනයක් සිදු කර පාරිභෝගිකයා නොමග යැවීමටත් , රැවටීමටත් තුඩු දෙන ආකාරයෙන් කටයුතු කිරීම යන චෝදනා දෙකක් යටතේ අදාල නඩුව පවරා තිබිණි.
වෙලදපොලේදී පරිභෝගීකයන්ට සිදුවන අසාධාරණයන් වැලක්වීමටත් මෙවැනි ක්‍රියාවන් මගින් පාරිභෝගිකයන් නොමග යැවීමට සහ රැවටීමට කටයුතු කරන වෙළදුන් සම්බන්ධව නිරන්තර අවධානයෙන් සිටිමින් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සෑමවිටම කටයුතු කරනු ලබයි.