පොලිස් රැදවුම් භාරයේ සිටින, ගනේමුල්ල සංජීවගේ ඝාතකයාගේ කන් අඩි පිපිරී ඇති නිසා ඔහුට කන් ඇසෙන්නේ නැති බව ඔහුගේ නීතීඥ අජිත් පතිරණ කොළඹ මහේස්‍රාත් අධිකරණයට ඊ්ය් දිනයේදී දැනුම්දී තිබේ.
කන් අඩි පිපිරීමට ලක්ව සිටින සිය සේවාදායකයා වන සමිදු දිල්ශාන් පියුමංගල කදනාරච්චි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
තම සේවාදායකයාගේ කන්අඩි පිපිරීමක් සිදුව ඇතත් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ වරාය පොලිසියේ රඳවා සිටියදී නොවන බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ අධිකරණය දුන් අවසරය පරිදි තම කනිෂ්ඨ නීතිඥවරුන් දෙදෙනකු සැකකරුට අවශ්‍ය නීති උපදෙස් දීම සඳහා ඔහු රැඳී සිටින ස්ථානයට ගිය අවස්ථාවේදී එම කරුණු අනාවරණ වී ඇතැයි ද අධිකරණය වෙත දන්වා සිටියේය.
තම සේවාදායකයාගේ කන්අඩි පිපිරීම පිළිබඳ පොලිසියට චෝදනා නොකරන බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ දන්වා සිටියේය. සැකකරුගේ නීතිඥවරයා පවසන දෙය පිළිබඳ දැනුවත් දැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ගෙන් විමසා සිටියාය.
එවැන්නක් පිළිබද යැකකරු ප්‍රකාශ කර නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම්දී තිබේ.