හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් අතර අද උදෑසන රහස් සාකච්ඡාවක් පවත්වා තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මෙම රහස් හමුව පවත්වා ඇත්තේ උමන්දාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීය.
සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ පනස් වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් විශේෂ දානමය පුන්‍යකර්මයක් ඇතුළු ආගමික වැඩසටහන් ඊයේ සහ අද දිනයේදී පවත්වා තිබේ. ඒ සදහා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා සහභාගීවී තිබෙන අතර ඔවුන් මෙහිදී මෙම රහස් හමුව පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
මෙම අවස්ථාව සදහා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරද සහභාගී වී තිබේ.