කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ ඊයේ (21) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කළ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරවලින් මියගොස් තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි මෙම දෙදෙනා විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.
ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ය.
තුවාලකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
පසුව ආයුධ පෙන්වීමට ගොස් පොලිසියට වෙඩි තැබීම නිසා පොලිසිය ඔවුන්ට වෙඩි තබා තිබෙනවා.
ඒ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.