වෙඩි තිබ්බේ වටරප්පල වෙඩික්කරුමයි – නීතීඥයින්ට ගනේමුල්ලේ සංජීව නිසා සිදුවන දේ මෙන්න (VIDEO )

ගනේමුල්ලේ සංජීව කොළඹ මහාධිකරණය තුළදී ඝාතනය කිරිමත් සමගින් අධිකරණ කටයුතු සදහා පැමිණෙන නීතීඥයින් පරීක්ෂාකිරීමට සහාය ලබාදෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඉල්ලා සිටී.

එහෙත් විනිසුරුවරුන් පරීක්ෂාවට ලක් කිරීමට ලක් නොකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

අධිකරණ කටයුතු සදහා පැමිණෙන නීතීඥයින් පරීක්ෂා කිරීමට කටයුතු කරන්නේදැයි අධිකරණ ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්ණ කළ අතර එවැන්නක් පිළිබද නොදන්නා බවක් සදහන් කර තිබුණි.

ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සදහා යොදාගත් ගිනි අවිය අධිකරණ සංකීර්ණයට ගෙනවිත් තිබෙන්නේ කාන්තාවක් බවද, ඇයද නීතීඥවරියක් මෙන් හැද පැළද සිට ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

ඝාතකයාද නීතීඥවරයෙක් මෙන් හැද පැළද පැමිණ ඇති අතර ඔහු සහ ගිනි අවිය ගෙන ආ කාන්තාව හදුනාගෙන ඇති බවද ඔහු කීවේය. සැකකරුවන් ගුවන්තොටුපොල හරහා විදේශ ගතවන්නේද යන්න පිළිබද සොයා බැලීම සදහා ගුවන්තොටුපොල සීරුවෙන් තබා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මොවුන් දෙදෙනා මේ වන විට හදුනාගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ඝාතනය සිදුකිරීමෙන් පසුව ඝාතකයා වෙඩි තියනවෝ යැයි කියමින් පලාගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මෙම ඝාතකයා පසුගියදා ගල්කිස්ස වටරප්පල පාරේදී වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු බව හදුනාගෙන ඇති බවද පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.