තම දරුවන් දෙදෙනා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට කිසියම් කණ්ඩායමක් ඊයේ රාත්‍රී මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේදි වෙඩි තැබීමෙන් පියා හා යතුරු පැදියේ ගමන් කළ දියණිය මිය ගොස් පුතා තුවාල ලබා රෝහල් ගත කළ බව මිද්දෙනිය පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ පුද්ලයා හා ඔහුගේ 08 හැවරදි දියණියක බව පොලීසිය කියයි.
බරපතල ලැබූ පුතා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රත්නපුර මහ රෝහලට මාරු කොට ඇති බවත් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔහු ප්‍රථිකාර ලබමින් සිටින බවත් පොලීසිය කියයි.
මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රී 10.15 ට පමණ සිදුව ඇති බව පොලීසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති පියා හා දියණිය එම ස්ථනයේදීම මිය ගොස් තිබුණු බවද පොලීසිය කියයි.
තංගල්ල කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ මෙයෙවීම මත පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.