ඉන්දියානු සාගරයේ සුන්දරත්වය විදිය හැකි Ocean Edge Suites & Hotel හෝටලයේ Waves අවන්හල

Ocean Edge Suites & Hotel හි සභාපති ප්‍රියන්ක් ගුප්තා ලංකාවට ඉන්දීය සංචාරකයින් වඩාත් ආකර්ශනීය කරගැනීම සදහා කැපවී කටයුතු කරන අයෙකි. සංචාරකයින්ට ඉන්දීය සාගර කලාපයේ සුන්දරත්වය විදිය හැකි Waves අවහන්හල පසුගියදා විවෘත කළේය. ඒ පිළිබද ඔහු සමග කළ සාකච්ඡාවකි මේ.

මේ වසරේදී සංචාරයකයින් මිලියන තුනක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරවා. සංචාරක ව්‍යාපාරයේ අත්දැකීම් ඇති අයෙක් ලෙස එම ඉලක්කය ළගාකරගත හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?

ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය පෙරලියකට සූදානම් වෙනවා. සංචාරක මණ්ඩලය අපේක්ෂා කරන පරිදි මිලියන තුනක සංචාරකයින් මෙරටට ගෙන්වාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

ඒ වගේ සංචාරකයින් ප්‍රමාණයකට අවශ්‍ය පහසුකම් තිබෙනවාද? අනාගතයේදී ඒ සදහා සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍ර මොනවාද?

ඇත්තටම කොළඹ ගත්තම ඒ සදහා ප්‍රමාණවත් පහසුකම් තියෙනවා. ප්‍රමාණවත් ලෙස වර්ගීකරණය කරන ලද හෝටල් කාමර තියෙනවා.

ඔබ විසින් ආරම්භ කළ ඕෂන් ඒජ් හෝටලය මේ වන විට මොන වගේ ප්‍රගතියක් අත් කරගෙන තියෙනවාද?

අපි 2017 වසරේදී මේ හෝටලය ආරම්බ කළේ. පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 සහ ආර්ථික අර්බුද හේතුවෙන් අපි වසර තුනක් තිස්සේ අරගලයක සිටියේ. ඒ කාලය තුළදී මෙම ව්‍යාපාරයේ මූල්‍යමය වශයෙන් ලාභදායී තත්වයක් ඇති කරගැනීමට නොහැකි වුනත් අපි ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් අත් කරගැනිමට සමත් වුනා. ලෝක මට්ටමේ ආගන්තුක සත්කාර පවත්වාගෙන යාමේ ප්‍රයෝජනවත් අත්දැකීම් සහ ලාංකීය ජනතාවගේ උණුසුම උපයා ගැනීමට අපිට හැකියාව ලැබුණා.

ඔබගේ හෝටලයේ නව අවන්හලක් විවෘත කරනු ලැබුවා. මෙහි තියෙන විශේෂත්වය මොකක්ද?

එක් වර සිය දෙනෙක්ට පහසුකම් සැපයිය හැකි ආපනශාලාවක් තමයි අපි විවෘත කළේ. ඒකේ නම වේව්ස්. එය පැය විසි හතර පුරාම විවෘත අවන්හලක්. එය අපගේ හෝටලයේ නවාතැන් ගෙන සිටින සංචාරකයින්ට වගේම අමුත්තන්ට ඉන්දීය සාගරයේ අළංකාරත්වය විද දරාගැනීමට හැකි අවන්හලක්. විශේෂයෙන්ම උදෑසන ආහාරයත්, සන්ධ්‍යා කාලයේද ඉර බැසගෙන යන සුන්දර දසුන්වල අළංකාරත්වය විද ගැනීමට අවස්ථාව ලබාදෙනවා.

Parites සදහා මෙය විවෘත වෙනවාද?

කුඩා ප්‍රමාණයේ සාද සදහා වේව්ස් අවහන්හල අපි විවෘත කරනවා. සාමාන්‍යයෙන් තිහක් වගේ ප්‍රමාණයක සාද සදහා තමයි
අපි විවෘත කරලා තියෙන්නේ, මොකද අපගේ හෝටලයේ නවාතැන්ගෙන සිටින සංචාරකයින්ටත් අවහන්හලේ ඉඩ වෙන් කළ යුතු නිසා.

හොද පැකේජයක් ලබාගැනීම සදහා සම්බන්ධ කරගත යුත්තේ කවුද?

0753612345 අංකයෙන් අපගේ හෝටලයේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ කරගැනීමට හැකියාව තිබෙනවා.

ඉන්දියාවේ සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමට දායකත්වය ලබාදෙන අයෙක් ලෙස ඔබ අවසන් වශයෙන් අදහසක් දැක්වුවොත්?


ඉන්දියානු වෙළෙඳපොළ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ වැදගත්ම වෙළෙඳපොළයි. ඉන්දියාවේ නගර 2ක් හෝ 3ක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අපට ලෝකයේ සෙසු ප්‍රදේශවලට වඩා බොහෝ විට ව්‍යාපාර උත්පාදනය කළ හැකි බව මම සැමවිටම යෝජනා කරනවා. ඉන්දියාවේ මනාලි හි උතුරු ප්‍රදේශයේ කුඩා නගරයක් තිබෙනවා. එහි ලියාපදිංචි ඡන්දදායකයින් 75,000 ක් සිටින බැවින් ඔබට එම ස්ථානයේ විශාලත්වය සිතාගත හැකියි. මෙම ස්ථානයට ප්‍රධාන වශයෙන් දිල්ලියේ සිට සංචාරකයින් පැමිණෙනවා. වෙහෙසකර මාර්ග ගමනකින් දිල්ලි සිට මනාලි වෙත ළඟා වීමට පැය 13-ක් 14 ක් ගත වෙනවා. ඊට වෙනස්ව දිල්ලි- කොළඹ ගුවන් ගමනට ගත වන්නේ පැය 3ක් පමණයි. එය ශ්‍රී ලංකාවේ සිට ගුවන් යානයකින් ඈතම පිහිටි ඉන්දියානු නගරයයි. මෙම ස්ථානයේ ජාත්‍යන්තර වශයෙන් සන්නාමගත හෝටල් ඇත්තේ ඉතා ස්වල්පයක්. නමුත් සෑම වසරකම මුළු ලංකාවටම වඩා සංචාරකයින් එයට පැමිණෙනවා. අපට වඩා වැඩි පරිමාවක් සහ වටිනාකමක් ඇති ව්‍යාපාර උත්පාදනය කරන කුඩා සංචාරක නගර පිළිබඳ උදාහරණ බොහොමයක් ඉන්දියාවේ තිබෙනවා.
එබැවින්, අපට අවශ්‍ය වන්නේ ඉන්දියානු නගර කිහිපයක් කේන්ද්‍රගත නගර බවට පත් කර කොළඹ මෙම නගරවලට බාධාවකින් තොරව සහ ආර්ථික වශයෙන් සම්බන්ධ කිරීමයි. මේ නිසා රටට නැවත සංචාරකයින් විශාල වශයෙන් ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා.