නිල නිවාසවල කුලිය වැඩි කරනවාට මාලිමාවේ මන්ත්‍රී විරෝධය

මාදිවෙල මන්ත්‍රී නිවාසවල පදිංචිවී සිටින මන්ත්‍රීවරුන්ගෙන් මේ වන විට අය කරනු ලබන රුපියල් දෙදහසක කුලීය ඉහළ දැමීමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධය දක්වා ඇතැයි අනාවරණය වේ.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙලෙස මන්ත්‍රී නිවාසවල කුලීය ඉහළ දැමීමට විරෝධය දක්වා තිබේ.

වර්තමාන තක්සේරුව අනුව මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්නමේ පදිංචිව සිටින මන්ත්‍රීවරුන් ගෙවිය යුතු නිවාස කුලීය ඉහළ දැමීමට යෝජනා කර තිබුණි. ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවේ දී සාකච්ඡා කර තීරණයක් ගත යුතුව තිබුණි.

කෙසේ නමුත් මෙම කරුණ සාකච්ඡාවට ලක්වන අවස්ථාවේදී ගෘහ කාරක සභාව සදහා විපක්ෂයේ නියෝජනයක් නොතිබී ඇති බවද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි. මේ වන විට විපක්ෂයේ නියෝජිතයින් පත් කර ඇත්තේ මුදල් කාරක සභාවට සහ පොදු ව්‍යාපාර කාරක සභාවට පමණක් බවද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.