හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.
ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇත.
“2024 වසරේදී මූලික වශයෙන් අපි පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කළාග කලින් අඩු කිරීම පාන් මිල අඩු කිරීමට හේතු නොවූවත්ල ආයතන දෙකම දැන් කිලෝග්රෑමයකට රුපියල් 10ක අමතර අඩු කිරීමක් සඳහා පියවර ගෙන තිබෙනවා. මෙමඟින් සමස්ත මිල අඩු කිරීම කිලෝග්රෑමයකට රුපියල් 20 දක්වා ඉහළ ගොස් තිබෙනවාග” සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගමේ සන්නාම සහ සමාගම් සන්නිවේදන අධ්යක්ෂ කාලිංග විජේසේකර මහතා පැවසීය’
“නවතම මිල අඩු කිරීම පිළිබඳ අප වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතරල බේකරි සංගමය මෙම මිල අඩු කිරීමේ ප්‍රතිලාභය පාන් සහ අනෙකුත් බේකරි භාණ්ඩවල අඩු කළ මිල ගණන් හරහා සාමාන්‍ය පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇතැයි අප අවංකවම විශ්වාස කරනවා” ඔහු තවදුරටත් පැවසීය’