කෑම කන හැටි උගන්වන්න මාලිමාවට පන්තියක් – දේශක ටිල්වින්

පාර්ලිමේන්තුවේදී ආහාර ලබාගත යුතු ආකාරය පිළිබද ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදී ඇත.

මෙවර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැදවා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදීය. ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ සදහා සහභාගී වී ඇති අතර ඔහු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ භෝජනාගාරයේදී ආහාර ලබාගත යුතු ආකාරය පිළිබද උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

ආහාර පාන ලබාගැනීම සම්බන්ධයෙන් නීති රීති දැමිය නොහැකි නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේදී ආහාර පාන ලබාගැනීමේදී ප්‍රවේශම් විය යුතු බව ටිල්වින් සිල්වා මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත. එතැන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පමණක් නොව වෙනත් මන්ත්‍රීවරුත් සිටිනා බව ඔහු සිහිපත් කර තිබේ.