චීනයට අක්කර දෙසීයක්

හම්බන්තොට වරාය පරිශ්‍රයෙන් චීනයට තවත් අක්කර දෙසීයක් ලබාදීමට නියමිතව ඇතැයි අනාවරණය වේ.

හම්බන්තොට ආශ්‍රිතව ඉදිකිරීමට අපේක්ෂිත නව ඉන්ධන පිරිපහදුව සදහා මේ වන විට, වරාය පරිශ්‍රයෙන් අක්කර පන්සියයක් ලබාදී තිබේ. ඊට අමතරව තවත් අක්කර දෙසීයක් ලබාදෙන ලෙසට චීනය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සදහා රජය පාර්ශවයෙන් සාධනීය ප්‍රතිචාරයක් දක්වා තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ අනුව ඉදිරියේදී තවත් අක්කර දෙසීයක් චීනයට ලබාදීමට අවශ්‍ය පියවර ගනු ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.