දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධන්ගල සහ මහකනදරාව අලුත්පාරගම ප්රදේශයන්ගේ මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ස්ථානගත කිරීමට නාවික හමුදාව කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් බුද්ධන්ගල සහ මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් සිටියි.
ඒ අනුව, පදවිය, බුද්ධන්ගල සහ මහකනදරාව අලුත්පාරගම යන ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම, මහකනදරාව වැව පිටාර ගැලීම හේතුවෙන් ගංවතුරෙහි සිරවී ආපදාවට පත් බස් රථයක පාසැල් ළමුන් නිරුපද්‍රිතව මුදාගැනීම අද දින (2025 ජනවාරි 23) සිදුකෙරිණි. නාවික හමුදාව අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදු කරමින් සිටින අතර, මේ දක්වා පාසැල් සිසුන් ඇතුළු සිවිල් පුද්ගලයින් එක්දහස් නවසිය අසූ අට දෙනෙකු (1988) වෙත ආරක්ෂිතව ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් පහලවක් (15) සූදානමින් තබා ඇත.






