පොල් ගෙඩි මිලියන 200ක් රටින් ගේන්න හදන්නේ – කට හැර සියල්ල පිට රටින් (VIDEO)

පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීම සදහා කටයුතු කරන ලෙසට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයට යෝජනා කර ඇති අතර ඒ සදහා රජයෙන් සුබවාදී ප්‍රතිචාරයක් හිමිව තිබේ.

මේ වසරේ පළමු මාස හතරේ පොල් ඵලදාව ගෙඩි මිලියන 200කින් අඩු විය හැකි බවට පොල් පර්යේෂණ ආයතනය පුරෝකතනය කර ඇති අතර ඒ අනුව පොල් ආනයනය කරන ලෙසට පොල් කර්මාන්ත මණ්ඩලය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. ඒ සදහා මෙලෙස රජය සුබවාදී ප්‍රතිචාරයක් ලබාදුන් බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් සදහන් කළේය.

කඩිනමින් පොල් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනක පමණ ආදායමක් රටට අහිමිවනු ඇති බවත්, පොල් ගෙඩි මිලියන 200කට වැඩි පොල් ප්‍රමාණයක් වුවත් ආනයනය කිරීම මගින් පොල් ආශ්‍රිත අපනයනයන්ගෙන් ඉහළ ආදායමක් ලබාගැනීමට හැකියාව පවතින බවද ඔහු පැවසුවේය.

පොල් නිෂ්පාදන අපනයන කර්මාන්තය අඛණ්ඩව පොල් හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා පොල් කිරිල පොල් මද, ශීත කළ පොල් මද හෝ ලෙලි ගසන ලද පොල් ආනයනය කඩිනමින් සිදුකළ යුතු බවද ඔහු කීය.

මෙරට මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250 ක් බවත් ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය සඳහා දල ගෙඩි මිලියන 100 ක් කර්මාන්ත අංශයට යොදා ගන්නා බව ද සභාපතිවරයා පැවැසීය.

වාර්ශික දළ පොල් නිශ්පාදනය ගෙඩි මිලියන 3000ක් වුවත් පසුගිය වසරේ එය ගෙඩි මිලියන 2680 දක්වා පහළ වැටී තිබුණි. 2025 වසරේදී මෙරම පොල් නිශ්පාදනය ගෙඩි මිලියන 2400 ත් 2600 ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවිය හැකි බවට පොල් පර්යේෂණ ආයතනය පුරෝකථනය කර තිබේ. ඒ අනුව ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා ගෙඩි මිලියන 200ක් මෙසේ අඩුවිය හැකි බවට පුරෝකථනය කර ඇත.

ඒ අනුවල ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පොල් ගෙඩි මිලියන 150 ක්ද මාර්තු සහ අප්‍රේල් මාසවලදී පොල් ගෙඩි මිලියන 50 ක්ද නිෂ්පාදන අඩුවක් සිදුවිය හැකිය