වන අලියාව කෑලි කැපූ හමුදා පුත්තු

වවුනියාව ඕමන්ත කොම්බුවෙෙතියකුලම් හත්වන සිංහරෙජිමේන්තු කඳවුර තුල අ‍නාරක්ෂිත ඇඳ තිබූ විදුලි රැහැන්වල පැටලී අලියකු මියගොස් ඇති අතර එම අලියා කොටස්වලට කපා ළිඳකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අ‍ාරම්භ කොට අ‍ැති බව වවුනියාව වනජීවි කාර්යාලය පවසයි.

කඳවුර තුලට පසුගිය 01 වැනිදා රාත්‍රි පැමිණ අ‍ැති වන අලියා අනාරක්ෂිත  විදුලි රැහැනක පැටලී මියගොස් අ‍ැති බව වනජීවි කාර්යාලය පැවසීය. 

මරණය පිළිබඳ වෙනත් පාර්ශ්වයන් දැනගැනීම වැළැක්වීම සඳහා කඳවුරේ ඉහළ නිලධාරීන් සෙබලුන් යොදවා ශරිරය කොටස්වලට කපා අසල තිබූ ළිඳකට දමා පස් යොදා අ‍ැති අතර අනෙක් කොටස් පුළුස්සා දමා අ‍ැතැයිද විමර්ශන සිදුකරන වවුනියාව වනජීවි නිලධාරීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි කාර්යාලය වෙත ලැබුණ තොරතුරු මත වවුනියාව වන ජීවි නිලධාරීන් සහ උතුරු පළාත් වනජීවී පශුවෙෙද්‍ය බි. ගිරිදරන් මහතා අ‍ැතුලු කණ්ඩායමක් අලියාගේ ශරීර කොටස් පැවති ස්ථාන සම්බන්ධයෙන් පරීක්‍ෂණ අ‍ාරම්භකළ බවත් වවුනියාව වනජීවි කාර්යාලය පැවසීය.

අ‍නාරක්ෂිත විදුලිය යොදා මියගිය අලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබුණි.

සිද්ධියට අදාලව යුද හමුදා සෙබලුන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන්කරගෙන අ‍ැති අතර මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වවුනියාව වනජීවි කාර්යාලය වැඩිදුරටත් පැවසීය.