කුසල් ජනිත් වේගවත්ම ශතකය ලබයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත අතර අද (02) පැවති තෙවන 20යි 20 තරගයේ දී පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 218ක් රැස්කර ගැනීමට ශ්‍රීලංකාව සමත්වුණා.

කුසල් ජනිත් පෙරේරා මෙහිදී පන්දු 44කදී සිය පළමු විස්සයි විස්ස ශතකය වාර්තා කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ශතකයක් රැස්කළ තුන්වන පිතිකරුවා ඔහුයි.

ශ්‍රී ලංකා පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම විස්සයි විස්ස ශතකය ද එයයි.