නව දුම්රිය සාමාන්‍යාධිකාරී ‘හිටපු’ දුම්රිය සාමාන්‍යාධිකාරී

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස හෙට (26) වැඩ භාරගනී.

අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් යලි පත් වූ නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා 2000 වසරේ සංඥා ඉංජිනේරුවරයෙක් වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට එක් විය.

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ජයසුන්දර මහතා 2021 ජූලි සිට 2022 ජූලි දක්වා වසරක පමණ කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළේය.