බස්නාහිර පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් රිවස් කිරීමට තීරණය කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ ගුරු භවතුන්ට සිය පාසල් දරුවන්ට උපකාරක පංති පැවැත්වීම තහනම් කරමින් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි. මෙම චක්‍රලේඛය ආණ්ඩුකාරවරයා විසින් අත්හිටුවා ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සදහන් කළේය.
මේ අතර ගුරු කාර්යක්ෂමතා කඩයිම් වැඩසටහනට අදාල මොඩියුල සම්බන්ධයෙන් පසුගිය 17 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයද තාවකාලිකව අත්හිටුවූ බව මහින්ද ජයසිංහ සදහන් කළේය.