ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ලබන වසර ආරම්බයේ සිට එම තනතුරුවලින් ඉවත්තීවීමට සිදුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුවත් ඒ සම්බන්ධයෙන් රජය දැනුම් දීමක් කර නොමැති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් srilankanews.lk කළ විමසීමක දී ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ තමන්ට එවැනි දැනුම් දීමක් කර නොමැති බවයි.