කොළඹ ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරු නෑ.

රාජකීය විද්‍යාලය, දේවි බාලිකා විද්‍යාලය ඇතුළු කොළඹ ප්‍රධාන පාසල් සදහා විදුහල්පතිවරු නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම විදුහල් සදහා ස්ථිර විදුහල්පතිවරුන් පත් කිරීමට නොහැකිවී ඇති අතර මේ නිසා විදුහල්පතිධූරයේ රාජකාරී වැඩබලන විදුහල්පතිවරයෙක් විසින් ආවරණය කරයි.

රාජකීය විද්‍යාලය, දේවි බාලිකා විද්‍යාලය, ප්‍රින්ස් ඔෆ් වෙල්ස්, සෙන් පෝල්ස්, හින්දු විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ලුම්බිණි විද්‍යලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය මෙසේ විදුහල්පතිවරු නොමැති කොළඹ ප්‍රධාන පාසල් වෙයි.

මේ ආකාරයට ලංකාව පුරාම පාසල් 46කට ස්ථිර විදුහල්පතිවරු නොමැති බවද අමාත්‍යාංශය සදහන් කරයි.

ගම්පහ බණ්ඩාරනායක, සංඝමිත්තා, ධර්මාශෝක, දේවානනද, හලාවත සෙන් තෝමස්, ජෝසප් වාස්, වීරකැටිය රාජපක්ෂ, යන පාසල්ද මේ ආකාරයට විදුහල්පතිවරු නොමැති පාසල් අතර වෙයි.