ඉන්දියාවෙන් ආනයනය කළ සහල් කන්ටේනර් 10ක් පිටි කෙටීම සදහා යවා ඇතැයි වෙළද අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.
මෙසේ පිටි කෙටීම සදහා යවා ඇති සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් ලක්ෂ දෙකහමාරක් පමණ වෙයි.
සහල් ආනයනය කිරීමේදී රුපියල් 65ක බදු මුදලක් මේ වන විට අය කරනු ලබයි. සහල් හිගය සමග ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමේදී මෙම බදු මුදල ඉවත් කරන ලෙසට පුද්ගලික සහල් ආයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියේය. එහෙත් එම බදබ මුදල ඉවත් නොකිරීම නිසා වෙළදපොලේ සහල් අලෙවි කිරීමෙන් සැලකිය යුතු ලාභයක් ලබාගැනීමට නොහැකිවීම නිසා මෙසේ සහල් ආනයනකරුවන්, ඉන්දියාවෙන් ආනයනය කළ සහල් වෙළදපොලට නිකුත් නොකර පිටි කෙටීම සදහා මහා පරිමාණ පිටි නිෂ්පාදනාගාර වෙත යවා ඇත.
මෙසේ ඉන්දියාවෙන් ගෙනා සහල් වෙළදපොලේ අලෙවි නොකර පිටි කෙටීමට යැවීම සම්බන්ධයෙන් තමන්ට පියවරක් ගැනීමට නොහැකි බවද වෙළද අමාත්‍යාංශය සදහන් කරයි.