ඊයේ පෙන්නූ ‘සජිත්ගේ අධ්‍යාපන සහතිකවලට ‘ අද සිදුවූ දේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමන්ගේ අධ්‍යාපන සහතික අද උදෑසන 11.40ට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලයට භාරදුන් බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.

ඊයේ දිනයේදී තමන්ගේ අධ්‍යාපන සහතික පෙන්වා ඇති නමුත් එය හැන්සාඩ් දෙපාර්තමේන්තුවට භාර නොදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

එයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ අද උදෑසන 11.40ට එය හැන්සාඩ් දෙපාර්තමේන්තුවට භාරදුන් බවය.