අඩු පීඩන කලාපය තවදුරටත් වයඹ දෙසට

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින දෙක තුලදී, උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතී.

අද (දෙසැම්බර් 19) දිනය සඳහා අනාවැකිය:

උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇතිවිය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.