උපයනවිට ගෙවන බද්ද සංශෝධනය සඳහා පියවර ගෙන ඇති බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
බද්ද පනවන සීමාව 150,000 දක්වා වැඩි වේ.
6%ක බද්දකට යටත් වනපරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රු 500,000 සිට රු ලක්ෂ 10 දක්වා සංශෝධනය කෙරේ.
50,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු 100%ක් නිදහස්. රු 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 71%කින් නිදහස්.
රු 250,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්.
රු 300,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%කින් නිදහස්.
රු 350,000ක් වැටුපක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්
වැඩි ආදායම් ලබාගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායමක් ගන්නා අයට වැඩි සහනයකුත් ලෙස අපි උපයනවිට ගෙවන බද්ද සංශෝධනය කරගන්න සමත් වුණා.