මිල්කෝ ආයතනය සහ එන්.එල්.ඩී.බී ගොවිපොලවල් ඉන්දියාවේ අමුල් සමාගමට ලබා නොදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් හේෂා විතානගේ මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ සදහන් කළේය.
එන්.එල්.ඩී.බී. ගොවිපොලවල්, මිලිකෝ ආයතනය සියල්ලම අමුල් සමාගමත්, ලංකාවේ තවත් සමාගමකුත් පදනම් කරගෙන ලබාදීමට පසුගිය ආණ්ඩුව කටයුතු කරගෙන ගියා. ඊට එරෙහිව ගොවිජන සම්මේලනය විදියටත් විරෝධය පළ කරමින් ලොකු සටනක් අරගෙන ගියා. ඒවාට සෘජුව මැදිහත්වූ අයෙක් ලෙස අපිට මේ ගැන අදහසක් තියෙනවා.
මේක අඩු ලංසුවකට දෙන්න තීරණය කරලා තිබුණේ. මේක ව්‍යර්ථ කරලා තියෙන්නේ. ඒවා කිසිවක් අදාල ආයතවලට දෙන්නේ නෑ.
මේවා සංවර්ධනය කරන්න ඕන. ඒකට අදාලව දේශීය ආයෝජකයින් හා ව්‍යවසායකයින් සම්බන්ධ කරගැනීම පිළිබද සාකච්ඡා කරලා කටයතු කරනවා. කොහොමත් මේවා විදේශීය සමාගම්වල දෙන්න කිසිදු තීන්දුවක් අරගෙන නැහැ.