හිටපු ජනපති රනිල් වත්මන් ජනපතිව පසසයි

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රීලංකා ජනාධිපතිවරයා නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ , කලාපීය බලශක්ති , ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම් ඉදිරියට ගෙන යාම පිළිබඳව ජනාධිපති වරයාට ට ප්‍රශංසා කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ එට්කා විරෝධය

එට්කා ගිවිසුම පිළිබද සාකච්ඡාව 2016 වසරේදී ඇතිවූ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ එම ගිවිසුමට විරුද්ධව කටයතු කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් කොළඹ කොටුවේ අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහන්කද ක්‍රියාත්මක කළේය.

ඒ අවස්ථාවේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා දක්වා තිබුණේ මෙවැනි අදහසකි.

“මෙම ගිවිසුම අපේ රටේ ආර්ථිකයට බරපතල ලෙස හානි කරනවා. ඉන්දියාවේ භාණ්ඩ බදු රහිතව ලංකාවට පැමිණෙන නිසා දේශීය නිෂ්පාදනය බරපතල කඩාවැටීමකට ලක් වෙනවා. ඉන්දීය ශ්‍රමිකයන් ලංකාවට ඒමෙන් ලංකාවේ රැකියා ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. මෙම ගිවිසුමෙන් ලංකාවට කිසිම වාසියක් නැහැ. අගමැතිතුමා කියනවා රටේ ආර්ථිකය වැටිලා කියලා එසේ කියද්දී තවම මේ ගිවිසුම අත්සන් කරන්නේ ඇයි? ලංකාවේ ආර්ථිකය බිදවැටි ඇත්නම් තියෙන්නේ රටේ නිෂ්පාදන වැඩි කිරීමයි.”

ජවිපෙ නායක අනුරගේ ප්‍රතිචාරය

මේ අතර මීට වසර දෙකකට පෙරදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක ගාල්ලේදී පැවති රැස්වීමක් අමතමින් එට්කා ගිවිසුම පිළිබද තමන්ගේ ස්ථාවරය පැහැදිළි කර තිබුණි.

“ඉන්දියාව කියනවා චීනය එක්ක වෙළෙඳ ගිවිසුමක් ගහනවා නම් ඊට කලින් අපිත් එක්ක එට්කා ගිවිසුමක් ගහන්න කියනවා. දැනට අපේ මාර්කට් එකේ වැඩි පංගුවක් අරන් තියෙන්නෙ ඉන්දියාව. ඉන්දියාවේ එට්කා ගිවිසුමේ තියෙන්නෙ මොකක් ද? එට්කා ගිවිසුමේ තියෙන්නේ භාණ්ඩ වෙළෙඳපොළ විතරක් නෙවෙයි, සේවා වෙළෙඳපොළත් විවෘත කරන්න. ඉන්දියානු දොස්තර කෙනෙකුට ඇවිල්ලා මෙහෙ චැනල් සර්විස් එකක් දාන්න පුළුවන්. දැන් අපි බෙල්ලට ම හිර වෙලා තියෙන්නේ. ණය ගෙවන්නෙ නෑ කියල තීන්දුවක් අරන් තියෙනවා. ණයවලින් ටිකක් අපි කපා ගන්න වෙනවා. කපා ගන්න නම් ඉන්දියාවත් එක්ක මේක අත්සන් කරන්න වෙනවා”

https://web.facebook.com/anurakumara/videos/553046134849838

https://web.facebook.com/anurakumara/videos/553046134849838

https://web.facebook.com/anurakumara/videos/553051548182630