කතානායකට එරෙහි නැවත විශ්වාසභංගයක් ගේන්න ඉඩ නොලැබේවා – සජිත් අලුත් කතානායකට සුබපතපු හැටි

නව කතානායකවරයාට සුබ පැතුම් එක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැවත වරක් කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබේවායි ප්‍රාර්ථනා කළේය.

කතානායකවරයාට සුබ පතමින් සජිත් ප්‍රේමදාස මෙසේ පැවසුවේය.

හිටපු කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න අවශ්‍ය කටයුතු ආරම්භ කරන්න අපිට සිදුවුනා. මේ පාර්ලිමේන්තු කාල වකවානුව තුළදී කතානායකට එරෙහි නැවත විශ්වාසභංගයක් ගේන්න ඉඩක් නොලැබේවා. අපිට අවශ්‍ය ස්ථාවර රටක්. ශක්තිමත් රටක්. ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුන,ව්‍යවස්ථායකය, විධායකය, අධිකරණය ශක්තිමත්ව ක්‍රියාත්මක වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන රටක්.

ඒක තමයි අපේ අභිප්‍රාය.

ඔබතුමාට සුබපැතුම්