රට තුළ පවතින සහල් හිගයට විසදුම් ලෙස ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සදහා පුද්ගලික අංශයේ ආනයනකරුවන්ට අවස්ථාව විවෘත කිරීමත් සමගින් සහල් ආනයනය කිරීම සදහා ඇනවුම් ලබාදී ඇති ඇතැම් පුද්ගලික අංශයේ ආනනකරුවන් තමන්ගේ ඇනවුම් අවලංගු කිරීමට කටයුතු කර ඇත.
ආණ්ඩුව ලබාදී ඇති කෙටි කාල සීමාම තුළද ආනයන කටයුතු අවසන් කිරීමට නොහැකිවීමත් ඉන්දියාවේ පවතින අයහපත් කාලගුණික තත්වයත් නිසා මෙලෙස ආනයනය ඇනවුම් අවලංගු කිරීමට ව්‍යාපාරිකයින් කටයුතු කරමින් සිටී
තමිල්නාඩුවට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය සමගින් සහල් නැව් ගත කිරීම් ප්‍රමාද විය හැකි බැද සහල් ආනයනකරුවෝ පවසති. එවැනි තත්වයක් තුළ ආශ්චර්යක් කළ නොහැකි බවද මෙම සහල් ලබන 20 වැනිදාට පෙර රටට ගෙන්වා ගැනීමට සිදුවන බවද ව්‍යාපාරිකයෝ සදහන් කරති. එසේ ලබන 20 වැනිදාට පෙර සහල් තොග රට තුළට ගෙන්වා ගැනීමට නොහැකිවන්නේ නම් නැවත එම සහල් ප්‍රති අපනයනය කිරීමට සිදුවන බවද එම ව්‍යාපාරිකයෝ සදහන් කරති.
මේ නිසා පුද්ගලික අංශයේ සහල් ආනයනකරුවන් බොහෝ දෙනෙක් සහල් ඇනවුම් අවලංගු කර ඇතැයිද ආනයනකරුවෝ සදහන් කරති