මත්පැන් පානය කර තෙල්දෙණියේ සිට මහනුවර දක්වා බස් රථයක් ධාවනය කරමින් සිටි තෙල්දෙණිය ලංගම ඩිපෝවේ රියැදුරකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ රියැදුරා තෙල්දෙණිය නගරයේදී පෞද්ගලික බස් රථයක පැති කණ්ණාඩියේ වද්දා අනතුරක් සිදු කර බස් රථය නොනවත්වා ධාවනය කර ඇත. එම අවස්ථාවේ පෞද්ගලික බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයා ඒ සම්බන්ධව තෙල්දෙණිය පොලීසිය දැනුවත් කර තිබේ.
එම පැමිණිල්ලට අනුව ලංගම බස් රථය හඹා ගොස් සිදු කළ පරීක්ෂාවේ දී රියැදුරු බීමතින් සිටින බවට සැකයක් මතුව ඇත. බස් රථයේ සිටි මගීන් බස්සවා බස් රථය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් රියැදුරු වෛද්‍යවරයෙකු වෙත යොමුකර සිදු කළ පරීක්ෂාවේ දී ඔහු බීමතින් සිටින බව තහවුරු වී තිබේ.
මෙම රියැදුරු මීට පෙර ද අවස්ථා දෙකක දී මත්පැන් පානය කර බස් රථය ධාවනය කිරීමේ චෝදනාවන්ට ලක්ව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැඩ තහනම් කර තිබිය දී අභියාචනයක් සැලකිල්ලට ගෙන යළි සේවය ලබා දුන් බවත් ශ්‍රී ලංගම මහනුවර ප්‍රාදේශිකයේ කළමනාකාර ප්‍රසන්න දෙල්අංග මහතා කීය