කතානායකගේ ආචාර්ය පට්ටම වෙබ් අඩවියෙන් හැලුනාට ෆේස් බුක් එකෙන් හැලිලා නෑ

කතානායක අශෝක සපුමල් රංවලගේ නම ඉදිරියෙන් ඇතුළත් කර තිබූ ආචාර්ය තනතුර පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ආචාර්ය යන්න ඉවත් කර තිබුනත් පාර්ලිමේන්තුවේ නිල ෆේස් බුක් පිටුවේ ආචාර්ය යන්න තවමත් සටහන් කරමින් සිටී.

කතානායකවරයා සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී අතර හමුවක් ඊයේ දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිල ෆේස් බුක් පිටුවේ පෝස්ටුවක් පළ කර ඇති අතර එහි කතානායකවරයා හදුවන්වාදී ඇත්තේ අශෝක සපුමල් රංවල නමින්ය.

කතානායකවරයාට ආචාර්ය උපාධියක් නොමැති බවත්, එවැනි තත්වයක් හමුවේ ඔහු ආචාර්ය ලෙස හදුන්වාගනිමින් සිටින බවටත් චෝදනා එල්ලවී තිබේ. ඒ සමගින් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ආචාර්ය යන්න ඉවත් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කර තිබුණේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කතානායවරයා ප්‍රකාශයක් කරනු ඇති බවයි. ආචාර්ය ධූරය තිබේනම් ගන්නා පියවරත්, ආචාර්ය ධූරය නොමැතිනම් ගන්නා පියවරත් ඉදිරියේදී හෙළි කරන බව ඔහු සදහන් කර තිබුණේය.