ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබෙනවා.
2021 වසරේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුණා.
රුපියල් 75,000ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෙහි වගඋත්තරකරුවන් වන හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර සහ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.