අප්‍රිකානු සූකර උණ රෝගයේ දැන් පාලනය වෙලා ද?

අප්‍රිකානු සූකර උණ රෝගය යම් මට්ටමකින් මේ වනවිට පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රෝගය වැලඳී නොමැති ගොවිපළවල මස් නිවරදි ක්‍රමවේදය යටතේ මිනිස් පාරිභෝජනය සඳහා යෙදවීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසා සිටියා.

එමෙන්ම අප්‍රිකානු සූකර උණ රෝගය වැලඳීම හේතුවෙන් ගොවිපළ රැසක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එහි හිමිකරුවන් පෙන්වා දෙනවා.

එනිසා සිය ව්‍යාපාර යළි ගොඩනගා ගැනීම සඳහා වන්දි මුදලක් ලබාදීමට රජයෙන් පියවර ගතයුතු බව ඔවුන් පවසනවා.