ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙන එන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා.
ඒ අනුව ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ වියදම්, ණය සේවා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අතුරු සම්මත ගිණුම සකස් කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
එමෙන්ම ඊයේ (25) හවස පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදි මෙම අතුරු සම්මත ගිණුම විවාදයට ගැනීම සඳහා දින නියම කර ඇති අතර ඒ අනුව දෙසැම්බර් 5 සහ 6 යන දෙදින තුළ එය පැවැත්වීමට ද නියමිතයි.