අලුතින් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රී ඉස්කෝලේ ටයි එක දාගෙන ඇවිත්

මෙවර පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් තම පාසල් ටයි පටිය පැළඳ පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට සහභාගී වී තිබේ.

මෙසේ පාර්ලිමේන්තුට පාසල් ටයි පටිය පැළඳ පැමිණියේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තේරී පත්වූ චානක මාදුගොඩ මන්ත්‍රීවරයාය.

ඔහු තමන්ගේ පාසල වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටයි පටියකින් සැරසී මෙසේ පාර්ලිමේන්තුවට පැමිණියේය.