පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන්කළ තරුණයෙකු දුම්රිය මාර්ගය ආසන්නයේ තිබූ සංඥා කණුවක ගැටී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, දෙනිය පාර, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.
මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.