හිටපු ඇමති මහින්දානන්ද දේශපාලනයට තිත

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා බව අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් පවසනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති බවත් ඒ නිසා තමන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කරනවා.

“මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ තීන්දුවට මම හිස නමනවා. ඒ අනුව දේශපාලනයෙන් සමුගන්න තීරණය කළා. මාව දේශපාලනයට ගෙනාපු හැම කෙනාටම පෞද්ගලිකවම මම ස්තූති කරනවා. දළදා සමිඳු පිහිටයි.”