අද (05) දිනයේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකියි.