හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගත් ආකරයට රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000 ක වැටුප් වැඩිවීම ලබා නොදෙනු ඇති බවත්, රාජ්‍ය සේවකයින්ට හිමිවන්නේ රුපියල් 6500 ත් 7500 ත් අතර වැටුප් වැඩිවීමක් පමණක් බවත් මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.
මෙම වැටුප් වැඩි කිරීමත් සමග වැට් බද්ද සියයට 1කින් හෝ 2කින් ඉහළ දැමීමට සිදුවනු ඇති බවත්, මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් සති අන්තයේ පළවන සන්ඩේ ටයිම්ස් පුවත්පතට සදහන් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණය අවසන්වූ වහාම රාජ්‍ය සේවක වැටුප රුපියල් 6500ත් 7500ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීම සදහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතය. මෙම යෝජනාව මගින් අප්‍රේල් මාසය දක්වා පමණක් රාජ්‍ය සේවක වැටුප් ඉහළ යනු ඇත.
ඉන් පසුව අය වැය මගින් වැඩි කළ වැටුප අඛණ්ඩව ලබාදීමට යෝජිත බවද අනාවරණය වේ. කෙසේ නමුත් අය වැය යෝජනාවලිය පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතුව තිබෙන බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් අනාවරණය කරයි.